සිංහල ජාතික කාන්තාවන් දහස් ගණනකට බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ලවූ, කුරුණෑගල රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ශාෆී ශිහාබ්දීන් මහතා නැවත සේවයේ පිහිටුවා හිග වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා විසින් කුරුණෑගල් රෝහල් අධ්‍යක්ෂවරයාට ලිඛිත නියෝගයක් නිකුත් කර තිබෙනවා
වන්ධ්‍යාකරණ සැත්කම් කරන ලද බවට චෝදනා කරමින් අත් අඩංගුවට ගත් පසු, ඔහුගේ සේවය අත්හිටුවා නැති අතර, සිදුකර තිබෙන්නේ ඔහු අනිවාර්ය නිවාඩු යැවීම පමණක් බැවින් ඔහුට ගෙවීමට තිබෙන හිග වැටුප් ගෙවන ලෙසයි අදාළ ලිපියෙන් දැනුම් දී ඇත්තේ
වන්ධ්‍යාකරණ සැත්කම් සිදු කළ බවට පළවූ පුවත්පත් වාර්තාවක් පදනම් කරගෙන විමර්ශන ඇරඹූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 වසරේ මැයි මාසයේදීයි
පසුව එම වසරේම ජූලි 26 වන දා ඔහු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා
එමෙන්ම වැඩ තහනමකට ලක්වූ නිළධාරියෙකුගේ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ලිඛිතව හේතු දක්වන ලෙසද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට යොමු කළ ලිපියේ සඳහන්
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති