නේවාසිකාගාරය තුළ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ජායාරූප ගත් තවත් වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.
ඉකුත් 10 වැනිදා රාගම රෝහලේ සේවය නිම කර පැමිණ රාත්‍රි 8.45 ට පමණ සිය නේවාසිකාගාරයේදී ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ජායාරූප තවත් වෛද්‍යවරයකු විසින් ගෙන ඇති බවට රාගම පොලිසියට ලද තොරතුරක් අනුව එකී වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේ සේවය කරන්නකු බවත් ඔහු සමන්තුරේ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා 11 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් පැවැත්වීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති