රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන සඳුදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
එමෙන්ම වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද ඊයේ දහවල් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන්.
දින 8ක් ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව පසුගිය 15 වනදා අත්හැර දැමීමට වෘත්තීය සමිති පියවර ගනු ලැබුවා.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු