වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8 ට අවසන් විය.
පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තීන් 5 කට අයත් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කළේ, පසුගිය 5 වැනිදායි.
ඒ, උසස් වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය විද්‍යා පීඨ උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුලු ගැටලු 5 ක් මුල් කර ගනිමිනි.
ඉන්, වෘත්තීන් 4 කට අයත් පිරිස් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ (07) උදෑසන 8 ට අවසන් විය.
ඒ අනුව සිය සාමාජිකයින් ද, අද උදෑසන 8 ට වර්ජනය අවසන් කරන බව, වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමයේ උප ලේකම් ලෙසන්ත චතුරංග මහතා සඳහන් කළේය.
More Stories
පාසල් තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා වැළැක්වීමට උපදෙස් පත්‍රයක්
සිමෙන්ති මිල ඉහළට
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැන අද නැවත අලුත්වෙයි