පාලන මිල ඉක්මවායමින් ඇතැම් වෙළෙඳුන් විසින් සීනි අලෙවිකරන බවට පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 128ක් ලෙස සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
කෙසේවෙතත් එම මිල ඉක්මවා යමින් ඇතැම් වෙළෙඳුන් විසින් සීනි අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.
සීනි ආනයනය කිරීමට පනවා තිබු සීමාවන් රජය විසින් පසුගියදා ඉවත් කළ ද ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් සීනි ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට වාර්තා වී තිබේ.
එම තත්ත්වය තුළ ආනයනය සම්බන්ධයෙන් පවතින ගැටලු මුල් කර ගනිමින් පාලන මිල ඉක්මවා යමින් සීනි අලෙවි කරන බවට වාර්තා වී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති