වෙබ් මාධ්‍යවේදියකු වන මුරුගපිල්ලෙයි ගොකුලදාසන් (Muruguppillai Gokilathasan) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයටතේ දින තුනක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මඩකලපුව, වලච්චේනයේ (Kinnayady , Valaichenai, Batticaloa) පදිංචි තිස් හත් (37) හැවිරිදි මාධ්‍යවේදී ගොකුලදාසන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ නොවැම්බර් 29 වන දාය.
තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ මහවිරු දිනය වෙනුවෙන් පළ කළ සුබ පැතුමක් හේතුවෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය හා ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව විරෝධය පළ කර තිබේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්