සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා පිට පළාත්වල ජනතාවට ගම්බිම්වලට යෑමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.
දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් විශේෂ දුම්රිය ධාවනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව කී ගාමිණී සෙනෙවිරත්න මහතා විශේෂ දුම්රිය දෙකක් පමණක් ධාවනය කිරීමට සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කළේය.
පෙර වසරවලදී අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය 40 ක් පමණ ධාවනයේ යෙදවූයේ විශ්‍රාමික නියාමකයන්ගේ සේවය ලබාගෙන බවත් විශ්‍රාමික නියමකයන්ට වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් සේවයට නොපැමිණෙන බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති