එළඹෙන 4 වනදා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝගය එදින කතානාකවරයා වෙත භාරදීමට කටයුතු කරන බවත් එහිදී තවදුරටත් ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කරන පිරිස් ගැන අනාවරණය කිරීමටද කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු