Lanka Plus News

www.lankaplusnews.com

විවිධ පාර්ශ්වයන් ඉරාන න්‍යෂ්ටික ගැටළුව දේශපාලනිකව විසඳීම සඳහා යොමු කරවීම අපේක්ෂාව බව චීනය කියයි

තිරසර හා ඵලදායී සටන් විරාමයක් ඉටු කර මැදපෙරදිග ප්‍රදේශයේ සාමය සහ ස්ථාවරත්වය යළි උදා කරලීම ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුවේ ඊයේ(2) පැවති මාධ්‍ය හමුවේදී, ඉරානයේ තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඉරාන න්‍යෂ්ටික ගැටළුව දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් සාමකාමීව විසඳා ගත යුතුය. සියලුම පාර්ශ්වයන් සමාන දිශාවක් දෙසට උත්සාහ දරමින් ඉරාන න්‍යෂ්ටික ගැටළුව දේශපාලන විසඳුමක් වෙත යොමු කරවීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇය කියා සිටියාය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com