අද (10) මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් අඩු කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව විවාහ උත්සවයක් සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින් ගණන 50ක් දක්වා සීමා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මීට පෙර එම සංඛ්‍යාව උත්සව ශාලාවේ ආසන 500ට වැඩි නම් 150ක් ලෙස ද ආසන 500ට අඩු නම් පුද්ගලයින් 100ක් ලෙස ද පැවතුනි.
ඔහු තවදුරටත් පැවසුවේ, කොවිඩ් පාලන උපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට නියමිත බවය.
එසේම බස්නාහිර පළාතේ වයස අවුරදු 60ට වැඩි විවිධ රෝගාබාධවලින් යුතු පුද්ගලයින් සඳහා ගම්පහ මහ රෝහලෙන්, කළුතර මහ රෝහලෙන් සහ නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන් හෙට (11) දින එන්නත් ලබාගත හැකි බව ද යුද හමුදාපතිවරයා පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති