විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට අවස්ථාව ලබාදීමට ගෙන තිබූ තීරණය අනුමත කිරීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ.
ඒ සමගම, එරට එක් පවුලකට උපරිමව ලැබිය හැක්කේ දරුවන් දෙදෙනෙක් බවට මෙතෙක් පැවති නීතිය වෙනස් වෙයි.
එම වෙනස්කම, චීන ජනපති ෂී ජින්පින් විසින් අනුමත කර ඇති බව මීට පෙර චීනය නිවේදනය කළේය.
එහි අරමුණ වන්නේ චීන ජනගහන වර්ධනයට රුකුළක් දීම බව එරට මාධ්‍ය වාර්තා කරයි.
චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ දශකයකට වරක් එරට සිදුකරන ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩුවී ඇති බවට පෙනීයෑම හේතුවෙනි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ