වත්මන් ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 12ක නායකයින් මේ වන විට අමාත්‍ය විමල් විරවංශගේ කොළඹ පිහිටි නිවසේ විශේෂ රැස්වීමක් සඳහා එක්වී ඇත.
වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු මෙම දේශපාලන නියෝජිතයින් එලෙස අමාත්‍ය විමල් විරවංශගේ නිවසට පැමිණ ඇති බව දැනගන්නට තිබේ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට මෙම හමුව කැඳවා ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය බලයට ගෙන ඒම සම්බන්ධයෙන් විශාල කැපවීමක් කළ අමාත්‍ය විමල් විරවංශට එරෙහිව කටයුතු කරන පුද්ගලයින් කළගුණ නොදත් අයවලුන් බවත්, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් මතක් කර දීමට රටේ ගරුතර සංඝරත්නය ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් උන්වහන්සේලාට සිරස නමා ආචාර කරන බවත් ගම්මන්පිල මහතා කියා සිටියේය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්