කොවිඩ් එන්නත ලබාගත් සජිත් තැබූ සටහන
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් -19 එන්නත ලබාගෙන තිබේ.
තමාට කොවිඩ් ආසාදිතව සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගැනීමට කටයුතු කළ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
කොවිඩ් එන්නත ලබාගැනීමට අපොහොසත් වුවහොත් නැවත එම රෝගය වැලඳිය හැකි අතර එය මාරාන්තික වියහැකි බවට වෛද්‍යවරුන් තමාට තරයේ අවවාද කළ බව සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

More Stories
යුද්ධය පැවති සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී පවතින බාධා ඉවත් කිරීමට පියවර
ජනපති අනුරගෙන් පොරොන්දුවක්
පුංචි ඡන්දය මැයි 06