2025 වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
මෙය පසුගිය වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 487.6 හා සැසදීමේදී 17.5 %ක කැපී පෙනෙන වර්ධනයකි.
මේ අතර පසුගිය 2024 සමස්ත වර්ෂය තුලදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.57ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබේ. මෙය 2023 වසරේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් බිලියන 5.96ට සාපේක්ෂව 10.1%ක ඉහළ යාමකි.
මෙරට අපනයන ආදායම හැරුණුවිට දෙවනුවට වැඩිම විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ලැබෙනුයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මගිනි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති