විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය ලබන සඳුදා සිට සතියේ දින 5 ම මහජනතාව සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.
කොන්සියුලර් සේවා සඳහා පවතින අධික ඉල්ලූම සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා කොන්සියුලර් කටයුතු අංශය සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සියලූම දිනවල විවෘතව තැබෙන බවයි.
ඒ අනුව යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද විවෘතව තැබෙනු ඇති.
මේ අතර එළඹෙන 04 වැනි දා සිට ඉන්දියානු වීසා අයදුම්පත්, IVS නොහොත් බාහිර වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය හරහා බාර ගැනීම් කටයුතු සීමා කර තිබෙනවා.
ඒ අනුව අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පමණක් එම අයදුම්පත් භාර ගැනීම සිදුකෙරෙන බවයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කාරයාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති