කොවිඩ්-19 වසංගත තත්ත්වය මත මැද පෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවන් හි නිරත විගමණික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඉතා කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වූ නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් රජය විසින් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
ඒ අනුව පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක්(10) එකී නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා ජාතික කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම හෝටල් දහය මගින් එක් වරකට 571දෙනෙකුට නිරෝධායන පහසුකම් සැපයිය හැකි වේ.
මෙහි දී හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.
මේ නිරෝධායන පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතියකට රුපියල් මිලියන 18 ක් වැය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ අනුව එක් පුද්ගලයෙකු මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ රැඳවීම සඳහා එක් දිනකට රුපියල් 4500 ක මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැය කරයි.එක් පුද්ගලයෙකු මෙම මධ්‍යස්ථානය තුළ සතියක පමණ කාලයක් රඳවා ගනු ලබයි.
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට