විදේශගත ශ්‍රමිකයින් සදහා විශේෂිත විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කර තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය හඳුන්වා දෙන බවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට මෙම විශ්‍රාම වැටුපට හිමිකම් කීමට අවස්ථාව ලැබේ.
විදේශගත ශ්‍රමිකයින්ට මේ සඳහා විදෙස් මුදල් ඒකකවලින් වාරික ගෙවීමට අවස්ථාව ලැබෙන අතර කිසියම් ශ්‍රමිකයකු දායකත්ව මුදල් ගෙවමින් සිටියදී මිය ගියහොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වාරික මුදල ගෙවා ප්‍රතිලාභ නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ගෙවීමට කටයුතු කරනු ලබයි.
රුපියල් 20,000 සිට රුපියල් 100,000 දක්වා වූ විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මෙහිදී විදෙස්ගත ශ්‍රමිකයින්ට අවස්ථාව හිමිවනු ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති