අද (11) දිනයේ කිසිදු ප්‍රදේශයක විදුලි විසන්ධි කිරීමක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත් ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඊයේ (10) ප‍්‍රසිද්ධ කර තිබුණා.
ඒ අනුව ඒ,බී,සී,ඩී වශයෙන් දිවයිනේ ප්‍රදේශ කලාප හතරකට බෙදා තිබෙන අතර පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා අතර කාලය තුළ පැයක් බැගින් එම ප්‍රදේශවල අවශ්‍ය වුවහොත් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
සඳුදා සිට සෙනසුරාදා දක්වා මෙම කප්පාදුව සිදුකිරීමට සූදානම් වන නමුත් ඉරිදා දිනය එම කාලසටහනට ඇතුළත්කර නැහැ.
විදුලි ඉල්ලුම කළමණාකරණය සඳහා පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම කප්පාදුව ක‍්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ සඳහන්.
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට