විදුලිය කපා හැරීමේ කාල සීමාව උපරිම වශයෙන් පැය තුනයි මිනිත්තු හතළිස් පහක් දක්වා අද ( 09 වැනිදා ) සිට අඩු කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.
A,B,C,D,E,F G ,H ,I J ,K L ලෙස වෙන් කර ඇති කලාප සදහා උදෑසන කාලයේදී පැය දෙකහමාරක සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි පහලොවක කාලයක් විදුලි විසන්දිය කරනු ලබන බව ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටියේය. මෙම කලාප සදහා විදුලිය විසන්දි වනු ලබන්නෙ පෙරවරු 08.00 සිට පස්වරු 06. 00 දක්වා අවස්ථාවන් හතරකදීය.
මේ අතර T, U,V,W, P,Q,R,S,කලාප සදහා විදුලිය විසන්ධි කෙරෙන්නේ පැය තුනක් පමණි. උදෑසන කාලයේදී පැය දෙකක් සහ රාත්‍රී කාලයේ පැයක් වශයෙනි.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු