එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් දෙදින නිල සංචාරයක් සඳහා (මාර්තු 22) සවස ශ්‍රී ලංකාවට පැමිණියේය.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද කැටුව නුලන්ඩ් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේ රාත්‍රී 7.30 ට පමණය.ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට.
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය පැමිණි අවස්ථාවේදී එක්සත් ජනපද උප ලේකම්වරිය උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
උප ලේකම් නුලන්ඩ් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කලාපීය සහ ද්විපාර්ශ්වික ප්‍රතිපත්ති ගැටළු අධීක්ෂණය කරයි.
මෙම සංචාරයේදී උප ලේකම් නුලන්ඩ් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටත් විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා සහ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා හමුවීමටත් නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති