මාකඳුරේ මධුෂ්ගේ සංවිධානාත්මක අපරාධ සඳහා සහය වූ රණවකගේ ධම්මික නුවන් රණවක නොහොත් ‘වැලිහිද කළු’ නැමැති පුද්ගලයා වැලිගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු පසුගිය වසරේ මාකඳුරේ මධුෂ් සමග ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද සැකකරුවන් අතරද සිටි අයෙක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය
සදහන් කළේ.
ඔහු සතුව තීබි හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 960 ක් සොයා ගෙන තිබෙනවා.
සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා වැලිගම පොලිස් ස්ථානයට භාර දී තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති