වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ජේලර් නිවාසවලට පිටුපස තාප්පයක කොටසක් ඊයේ(20) රාති‍්‍රයේ කඩා වැටී තිබේ.
ඊයේ රාති‍්‍රයේම යුද හමුදාව විසින්, කඩා වැටුණු තාප්ප කොටස තාවකාලිකව තහඩු යොදා ආවරණය කර තිබේ.
එමෙන්ම, අදාළ ස්ථානයේ ආරක්ෂාව තර කිරීමට බන්ධනාගාර ප‍්‍රධානීන් පියවර ගෙන ඇත.
සිද්ධිය වන අවස්ථාවේ රිමාන්ඞ් භාරයට පත් කෙරුණු සැකකරුවන් 800 ක් පමණ එම බන්ධනාගාරය තුළ රඳවා සිට තිබේ.
කෙසේ වෙතත් ඒ වනවිට ඔවුන් අදාළ වාට්ටුවලට යොමු කර අගුළුලා තිබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
පැවති වර්ෂාවත් සමග අදාළ තාප්ප කොටස කඩා වැටී ඇති බවත්, එලෙස කඩා වැටී ඇති තාප්පය වසර 80 කට වඩා පැරණි එකක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්