විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයා ට උපදෙස් ලබා දී තිබේ.
එවැනි විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන නිධාරීන්ට පමණක් නොව එවැනි නිලධාරීන් අධීක්ෂණය කරනු ලබන නිලධාරීන්ට එරෙහිව ද විශේෂ විමර්ශනයක් පවත්වා විනයානූකූල පියවර ගැනීමට උපදෙස් දී ඇත.
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොලීසියේ ඇතැම් නිලධාරීන් විසින් සිදුකර ඇති විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පොලීසිය අපකීර්තියට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
දිගින් දිගටම අතළොස්සක් පොලිස් නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා හේතුවෙන් පොලීස් සේවයේ ප්‍රතිරූපයට හානි සිදුව ඇති බවත් එය සමස්ත පොලිස් සේවයම අනුමත නොකරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති