දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව “අතිරේක කාලයකින් ද පසුව “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්මුතියට” පැමිණ ඇත.
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ 28 වැනි පාර්ශ්වයන්ගේ සමුළුව අතිරේක දිනයකින් ද පසුව ඊයේ(13) ඩුබායි හි දී අවසන් විය.
එම සමුළුව අතරතුර දී “පැරිස් ගිවිසුම” පිළිබඳ ප්‍රථම ගෝලීය සමීක්ෂණය, අනුවර්තනය, මූල්‍ය අලාභය හා හානි ඇතුළු බොහෝ මාතෘකා සම්බන්ධයෙන් “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්මුතියට” එළඹ ඇත. එය එම සමුළුවේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.
ජාත්‍යන්තර ප්‍රජාව පැරිස් ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ විධායක ලේකම් Simon Stiell මහතා එහිදී පෙන්වා දුන්නේය. සමස්ත රජයන් සහ ව්‍යාපාර සිය පොරොන්දු ප්‍රමාදයකින් තොරව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.
මෙම සමුළුවට ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයක් යොමුව ඇති අතර, එයට සහභාගිවීම සඳහා ලක්ෂ 1.1කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබේ.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය