ලබන සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා නේපාලයේ පැවැත්වීමට නියමිත එවරස්ට් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සීකුගේ ප්‍රසන්නව තෝරාගෙන තිබේ.
අදාළ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන දෙවැනි ක්‍රීඩකයා සීකුගේ වන අතර මීට පෙර මෙම තරගාවලියේ බයිරහවා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සඳහා දිනේෂ් චන්දිමාල්ව තෝරාගෙන තිබුණි.
ඒ අනුව ලොව පුරා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි බහුතරයක අත්දැකීම් හිමි සීකුගේ චිට්වාන් ටයිගර්ස් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටී.
තරගාවලිය පැවැත්වෙන සමයේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයෙන් තරගාවලියක් නොමැති බැවින් මොවුන් දෙදෙනාටම අදාළ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාවක් පවතින බවට වාර්තා වේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන චන්දිමාල් සහ සීකුගේ යන දෙදෙනාම ඊයේ (24 වැනිදා) නිමාවට පත් වූ ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රෙඩ්ස් කණ්ඩායම නියෝජනය කර තිබීම විශේෂත්වයක් විය.
ලබන සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා නේපාලයේ පැවැත්වීමට නියමිත එවරස්ට් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සීකුගේ ප්‍රසන්නව තෝරාගෙන තිබේ.
අදාළ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන දෙවැනි ක්‍රීඩකයා සීකුගේ වන අතර මීට පෙර මෙම තරගාවලියේ බයිරහවා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සඳහා දිනේෂ් චන්දිමාල්ව තෝරාගෙන තිබුණි.
More Stories
දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2026 ශීත ඍතු ඔලිම්පික් විකාශන අයිතිය චීන මාධ්‍ය සමූහයට
2026 T20 ලෝක කුසලාන ආරම්භක තරගය ශ්‍රී ලංකාවට