වායු දූෂණය ගෝලීය හදිසි තත්ත්වයක් බැවින් පිරිසිදු වාතය සඳහා එක්ව ක්‍රියා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් Antonio Guterres මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.
වාර්ෂිකව සැප්තැම්බර් 7 වැනිදාට යෙදෙන නිල් අහස සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් ඔහු ඊයේ(7) මෙම ඉල්ලීම කර තිබේ.
මිනිසුන්ගෙන් 99%ක් දුම, සල්ෆර් සහ අනෙකුත් විෂ රසායනික ද්‍රව්‍ය ආශ්වාස කරන බවත් මේ හේතුවෙන් සෑම වසරකම මිලියන 7ක ජනතාවක් එයින් මිය යන බවත් ඔහ පැවසීය. ෆොසිල ඉන්ධනවල සිට පිරිසිදු බලශක්තිය කරා “සාධාරණ සංක්‍රාන්තිය” වේගවත් කිරීමේ අවශ්‍යතාව හෙතෙම අවධාරණය කළේය.
2019 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කළ අතර සියළු ප්‍රජාවේ එදිනෙදා ජීවිතය සඳහා පිරිසිදු වාතයේ වැදගත්කම ඉන් අවධාරණය කර ඇත.
More Stories
IPL ජය සැමරුම ඛේදවාචකයක් වෙයි
දකුණු කොරියාවේ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
චීන-බෙලරුසියා ජනපතිවරු අතර හමුවක්