Lanka Plus News

www.lankaplusnews.com

වසර 27ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ වැටෙයි

ලෝක ගෘහස්ථ මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර් 60 කඩුලූ මතින් දිවීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් බිහිකිරීමට ඇමරිකාවේ ග‍්‍රාන්ට් හොලොවේ පසුගියදා සමත් විය. එ් අනුව අදාළ ඉසව්ව තත්පර 7.29කින් නිමාවට පත් කරමින් අදාළ ලෝක වාර්තාව බිහි කිරීමට හොලොවේ සමත් විය.
 
 මීටර් 60 කඩුලූ මතින් දිවීමේ ලෝක වාර්තාවට මීට පෙර හිමිකම් කියන්නට එංගලන්තයේ කොලින් ජැක්සන් සමත් විය. කොලින් ජැක්සන් 1994 වසරේදී මීටර් 60 කඩුලූ මතින් දිවීමේ ඉසව්ව තත්පර 7.30කින් නිමාවට පත් කරමින් අදාළ ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත් වී සිටියේය.
 
 කෙසේ වෙතත්  පසුගියදා ස්පාඥ්ඥයේ මැඞ්රිඞ් නුවර පැවැති ලෝක ගෘහස්ථ මලල කී‍්‍රඩා උළෙලේදී වසර 27 කට පසු එම ලෝක වාර්තාව තමන්ගේ නම ඉදිරියේ සටහන් කර ගැනීමට ග‍්‍රාන්ට් හොලොවේ සමත් විය

WP Twitter Auto Publish Powered By : XYZScripts.com