මේ වසරේ මුල් මාස 10 තුළ, චීනයේ විදුලිබල උත්පාදනය සහ විදුලි පරිභෝජනය සමස්ත වශයෙන් ස්ථාවර වර්ධනයක් අත් කරගනී. චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම විසින් අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරිණ.
ජනවාරි සිට ඔක්තෝබර් දක්වා, චීනයේ නිශ්චිත පරිමාණය ඉක්මවා කාර්මික බලශක්ති උත්පාදනය කිලෝවොට් පැය ට්‍රිලියන 7.3 ක් ලෙස වාර්තා වී ඇත. එය පසුගිය කාලසීමාවට සාපේක්ෂව 4.4% ක වැඩිවීමකි. ආර්ථිකය හා සමාජයේ ස්ථිර සංවර්ධනය සඳහා මෙන්ම, අඛණ්ඩව පුළුල් වන ජනතා බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා, විවිධාංගීකරණය වූ පවිත්‍ර විදුලිබල සැපයුම් පද්ධතිය මගින් මනා පිටුබලයක් සපයා තිබේ.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්