මෙවර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ 60 වැනි තරඟයෙන් ලකුණු 54 ක ජයක් හිමි කර ගැනීමට රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා.
බාබර්න් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පිවිසි පන්ජාබ් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුණු 209 ක් රැස් කළා.
ලියම් ලෙවින්ග්ස්ටන් ලකුණු 70 ක් සහ ජොනී බෙයාර්ස්ටෝව් ලකුණු 66 ක් ලබාගත්තා.
පන්දු යැවීමේ දී වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුළ ලකුණු 15 කට කඩුළු 2 ක් දවා ගැනීමට සමත් වුණේ තරගාවලියේ වැඩිම කඩුළුලාභීන් අතර පෙරමුණ ගනිමින්.
වනිඳු මේ වන විට තරඟ 13 කදී බිඳ හෙලා ඇති කඩුළු ගණන 23 ක්.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 155 ක් පමණයි.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක‍්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක‍්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට