Lanka Plus News

www.lankaplusnews.com

වනිඳුට ඉදිරි එක්දින තරඟය අහිමිවීමේ අවදානමක්

අබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන එක්දින තරඟය අහිමිවීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වනවා.

ඔහු මේ වන විට MRI ස්කෑන් පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵලය අනුව ඔහුට එක්දින තරගාවලියේ ඉතිරි තරඟ ක්‍රීඩා කළ හැකිද නැද්ද යන්න තීරණය කිරීමට නියමිතයි.

වනිඳු පළමු එක්දින තරඟයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com