සයිනොෆාම්, සිනොවැක් හා ඉන්දියාවේ කොවැක්සින් කොවිඩ් මර්දන එන්නතක මාත්‍රා දෙකම ලබාගත් පිරිසට තුන් වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගත හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ලබාදී තිබෙනවා.
එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඌණ ප්‍රතිශක්තියක් සහිත පිරිස් වෙතද බූස්ටර් මාත්‍රාවක් ලබාදීම සුදුසු බවයි.
මේ අතර නව කොවිඩ් ඖෂධ දෙකක් සඳහා චීනයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අනුමැතිය හිමිව ඇත්තේ කොවිඩ් වැලඳී සුවය ලැබු රෝගීන්ගෙන් ලබාගත් ප්‍රතිදේහ යොදාගෙන නිෂ්පාදනය කළ BRII-196 සහ BRII-198 ඖෂධ දෙවර්ගය සඳහායි.
මේ අතර කොරෝනා අසාදනය වී සිටි මෙරට තවත් පුද්ගලයන් 377 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඒ අනුව සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 544,200 ක් දක්වා ඉහළගොස් ඇති බවයි.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්