ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි.
ඒ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා පෙන්වා දී ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යභාරය දුර්වල කිරීම නොව ශක්තිමත් කිරීම කළ යුතු බවයි. ගෝලීය මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ජාත්‍යන්තර ආයතනයක් ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය සෞඛ්‍ය පාලනය සඳහා ප්‍රධාන සම්බන්ධීකරණ කාර්යභාරයක් ඉටු කර ඇති බව ද හෙතෙම මෙහිදී පැවසීය.
එසේම පැරිස් ගිවිසුමෙන් ඉවත් වන බව ඇමරිකාව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද චීනය සිය කණස්සල්ල පළ කරන බව ඔහු සඳහන් කළේ ය. දේශගුණික විපර්යාස යනු සියලු මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන පොදු අභියෝගයක් වන අතර, කිසිදු රටකට ඉන් මිදීමට නොහැකිය. එබැවින් දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අභියෝගයන්ට සක්‍රීයව මුහුණ දීම සඳහා චීනය අදාළ පාර්ශ්වයන් සමඟ එක්ව කටයුතු කරනු ඇතැයි, Guo Jiakun මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ