ලෝක දුම්කොළ නිවාරණ දිනය අදයි.
දුම්කොළ භාවිතය නිසා ඇති වන සෞඛ්‍ය ආර්ථික සමාජයීය සහ පාරිසරික බලපෑම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට මෙන්ම එම අහිතකර බලපෑම්වලට එරෙහි වීම වෙනුවෙන් රජයන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයින් දිරිගැන්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වර්ෂයකම මැයි 31 වැනිදා ලෝක දුම්වැටි නිවාරණ දිනය ලෙස සමරනු ලබනවා.
මෙවර එහි තේමාව දුම්කොළ අපගේ පරිසරයට තර්ජනයක් යන්නයි.
දුම්කොළ වගාව නිෂ්පාදනය බෙදාහැරීම සහ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් වන පාරිසරික බලපෑම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙම තේමාවේ අරමුණ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කලේ.
එම සංවිධානයේ වාර්තා වලට අනුව දුම්කොළ භාවිතය නිසා දෛනිකව ශ‍්‍රී ලාංකිකයින් 50 කට ආසන්න පිරිසක් මරණයට පත්වන අතර ලොව පුරා සෑම වසරකම මිලියන 08 ක පමණ ජනතාව දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගා බාධ වලින් මිය යනු ලබනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දුම්කොළ භාවිතය මාරාන්තික වන අතර රටක් තුළ සෞඛ්‍ය ගැටළු සඳහා විශාල වශයෙන් දායක වන බවයි.
එමෙන්ම දුම්කොළ වාතය – ජලය සහ භූමිය දූෂණයට ලක්කරමින් පරිසරයට ද දැඩි හානියක් සිදු කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති