ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන Antonov’s An-225 Mriya, කියෙව් හි Hostomel භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටුපළට එල්ලකල රුසියානු ගුවන් ප්‍රහාරයකින් ගිනිගෙන ගොස් ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඇන්ටනොව් සේවකයින් දෙදෙනෙකු යුක්රේන ගුවන්විදුලිය රේඩියෝ වන ස්වෝබෝඩා වෙත පැවසුවේ රුසියා ප්‍රහාරයෙන් යුක්‍රේනයට අයත් මෙම යානය පුළුස්සා දැමූ බවයි.
ගුවන් තොටුපළට ආසන්නයේ කියෙව් උප නගරයක් වන බුචා නගරාධිපති විසින් තහවුරු කරන ලද පුවත පසුව වාර්තා කරන ලද්දේ යුක්රේන ආරක්ෂක වාර්තාකරු ඉලියා පොනොමරෙන්කෝ විසිනි.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්