ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට ලක්ෂ 50 ඉක්මවා තිබේ. ඒ, ඊයේ (15) දිනයේදී එරටින් තවත් කොරෝනා ආසාදිතයින් 91,120 දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි.
ඒ අනුව තවදුරටත් ලොව දෙවන වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන රට වන්නේ ද ඉන්දියාවයි. මේ අතර ඊයේ දිනයේදී ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වුනේ ද ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 1283 ක්.
ඒ අනූව මේ වනවිට ඉන්දියාවෙන් කොරෝනා මරණ 82,091 ක් වාර්තා වෙයි.
මේ වනවිට ලොව පුරා රටවලින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන දෙකෝටි අනූහත් ලක්ෂ 13, 891 ක්. ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා මරණ ගණන නව ලක්ෂ 38,362 ක් වෙයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්