ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් නත්තල් සති අන්තයේ ලොව පුරා ගුවන් ගමන් 4000 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.
සංචාරකයින් අතර වෛරස් ව්‍යාප්තිය අවම කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ. යුරෝපා කලාපීයේ වෛරස් ව්‍යාප්තිය සීඝ්‍ර වීම හේතුවෙන් ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ලුෆ්තාන්සා ගුවන් සේවය ද සිය ගුවන් ගමන් වාර තිස්තුන් දහසක් පමණ අවලංගු කිරීමට ඊයේ තීරණය කළා. ඒ අනුව යුරෝපා කලාපයට ගමන් ගත් ගුවන් ගමන් වාර සියයට 60 කින් පමණ පහත බසිනු ඇති බවයි යුරෝපා ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් විදෙස් සංචාර සැළසුම් කර ඇති පිරිස් ගැටලු රැසකට මුහුණ පා ඇති බව ද වාර්තා වනවා.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
“232 තීරුබදු පියවර” කඩිනමින් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
‘එක් තීරයක් එක් මාවතක්’ සංවර්ධනයෙන් ගෝලීය දකුණේ ශක්‍යතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ