Lanka Plus News

www.lankaplusnews.com

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 90 ඉක්මවයි

ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ගණන ලක්ෂ 90 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව රටවල් සහ ස්වාධීන රාජ්‍ය 213කින් වාර්තා වන ආසාදිතයින් ගණන 9,051,949 ක්. වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 470,822 ක්.

ආසාදිතයින් 4,842,043 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව ලක්‍ෂ 23 කට අධිකයි. බ‍්‍රසීලයෙන්ද ලක්‍ෂ 10 කට වැඩි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com