ලොව දිගම අධිවේග මාර්ග උමගේ ඉදි කිරීම් සම්පූර්ණ කෙරේ. චීනයේ ශින් චියං උයිගුර් ස්වයාත්තයේ උතුරු හා දකුණු ප්‍රදේශ අතර නව සම්බන්ධයක් ඉන් විවර වී ඇත. ටියැන් ෂන් ෂෙං ලි ( Tianshan Shengli ) උමග කිලෝමීටර 22.13ක දුරකින් යුක්ත වන අතර එමගින් ටියැන් ෂන් කඳුකරයේ මධ්‍යම කොටස හරහා ගමන් කිරීම පැය කිහිපයක සිට විනාඩි 20ක් දක්වා අඩු කෙරේ. උරුමුචි – යුලි (Urumqi-Yuli ) අධිවේග මාර්ගයේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසට එය සැලකේ. ලබන වසරේදී මෙම අධිවේග මාර්ගයේ ඉදි කිරීම් සම්පූර්ණ කොට රථවාහන ධාවනය සඳහා විවෘත කිරීමට නියමිත ය. ප්‍රදේශ දෙක අතර ගමනාගමනය පැය 7ක පමණ කාලයක සිට පැය තුනක පමණ කාලයක් දක්වා ඉන් අඩු වනු ඇත.
මෙම උමගේ ඉදි කිරීම් 2020 වසරේ අප්‍රේල් මාසයේ දී ආරම්භ කෙරිණ. අධික සීතල,ඉහළ උන්නතාංශය, උස් බිම් ආතතිය, දැඩි භූගර්භ ක්‍රියාකාරීත්වය, දැඩි පාරිසරික ආරක්ෂණ අවශ්‍යතා වැනි අභියෝග රැසක් මධ්‍යයේ එහි ඉදි කිරීම් සිදු කර තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ