ලොව උසින් වැඩිම කාන්තාව ලෙස ගිනස් වාර්තා අතරට යෑමට 24 හැවිරිදි තුර්කි ජාතික කාන්තාවක වන රෑමේසා ගෙල්ගි සමත් වූවාය. ඇගේ උස අඩි 7 යි අගල් 0.7 කි.
රෑමේසා ගෙල්ගිගේ උස මෙලෙස අසාමාන්‍ය ලෙස වැඩි වී ඇත්තේ රෝගී තත්ත්වයක් නිසාය. එය හැදින්වෙන්නේ ‘වීවර් සින්ඩ්‍රෝමය’ යනුවෙනි. රෑමේසා ගෙල්ගිගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බව ඇගේ වෛද්‍යවරු කියති.
‘මට ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ. වෛද්‍යවරුන් ඒ බව මට පවසා තිබෙනවා. ඒ ගැන දුකක් නැහැ. ගිනස් වාර්තා අතරට යෑමට හැකිවීම ගැන සතුටුයි’ යැයි ගෙල්ගි පවසා තිබේ.
2014 දී ලොව උසින් වැඩිම ‘ගැටවරිය’ ලෙස ගෙල්ගි ගිනස් වාර්තාවක් පිහිටුවූවාය.
එවිට ඇගේ වයස අවුරුදු 18 කි.
රෝගී තත්ත්වය උත්සන්න වෙද්දී, ගෙල්ගිට වැඩි වේලාවක් සිටගෙන සිටීමට හෝ ඇවිදීමට හෝ හැකියාවක් ලැබෙන්නේ නැත. ඇය ගමන් බිමන්වල යෙදෙන්නේ රෝද පුටුවක ආධාරයෙනි.
More Stories
චීනයේ පරිභෝජන දිරිගන්වන ප්‍රතිපත්තියෙන් විදෙස් ආයෝජක විශ්වාසය වඩාත් තහවුරු වෙයි
ජපානය තායිවාන ධීවර නෞකාවක් සිය භාරයට ගැනීම සම්බන්ධයෙන් චීනයෙන් දැඩි විරෝධය
Harvard විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හා හුවමාරු ශිෂ්‍යත්ව වැඩසටහන් අවලංගු කිරීමට අදාල ඇමරිකානු රජයේ තීරණයට චීනයෙන් ප්‍රතිචාරය