ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
වෙළෙඳපොළේ පවතින ලිට්‍රෝ ගෑස් මිල සහ ලාෆ්ස් ගෑස් මිල අතර වෙනස රුපියල් 708 ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ වන විට ලිට්‍රෝ ගෑස් මිල සඳහා පමණක් ක්‍රියාත්මක මිල සූත්‍රය ලාෆ්ස් ගෑස් සදහාද ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති