ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු එළඹෙන 25 වනදා දක්වා අත්තිටුවා ඇති බව ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන 25 වනදා මෙරටට ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිත බවය.
එසේම එළඹෙන 27 වනදා ද නැවත ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් මේ වනවිට ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 1300ක පමණ ප්‍රමාණයක් ලිට්‍රෝ සමාගම සතුව ඇති බවද විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ගෑස් තොග හෝටල්, ආරක්ෂක අංශ, ආදාහනාගාර සහ රෝහල් වැනි අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන වෙත බෙදාහැරීමට නියමිතව ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති