මේ වන විට දිවයින පුරා ලාෆ් ගෑස් හිඟයක් තිබෙන බව විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා.
ගෑස් මිල ඉහළ නැංවීමට රජය අවසර නොදීම නිසා ඇතිවූ ආනයන ගැටලු හේතුවෙන් ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් බෙදාහැරීම පසුගියදා නවත්වනු ලැබුවා.
කෙසේ නමුත් රජය ප්‍රකාශ කළේ, ලාෆ් ගෑස් වෙනුවට ලිට්රෝ ගෑස් හුවමාරු කර ගැනීමට හැකි බවයි. නමුත් මේවන තෙක් අදාළ සමාගම තමන්ට ඒ සඳහා අවසර ලබාදී නොමැති බව අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති