විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා ලබන 13 වැනිදා සහ 15 වැනිදා සිට 18 දක්වා දින හතර ඇතුළු දින පහේ සියලුම කලාපවලට පැය 2 යි මිනිත්තු 15 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.
එම දිනයන්හි දී A සිට W දක්වා කලාප 20 ට පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා එලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
ලබන 14 සහ 19 දෙදින සියලුම කලාපවලට පස්වරු 5.30 සිට රාත්‍රී 10.00 දක්වා දිනකට පැයක් පමණක් විදුලිය විසන්ධි කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්