Lanka Plus News

www.lankaplusnews.com

ලබන සතියේත් කොළඹ සහ නගර ආශ්‍රිතව පාසල් වැසේ

පවතින ඉන්ධන අර්බුදය හමුවේ බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට (27) සිට ජුලි 01 දක්වා සතිය තුල නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ දිවයිනේ ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට නොහැකි බවට දැනුම් දී ඇති බැවින් ඉදිරි සතිය තුල පාසල් පවත්වාගෙන යාම පිළිබදව යම් ගැටලුකාරි තත්වයක් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ හේතුවෙන් බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වන සතිය තුල පසු ගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ ආකාරයටම සිසුනට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවයක් නොපවතින්නේ නම්, අඟහරුවාදා බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් හි පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම දිනයන්හි පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා පෞද්ගලික නිවාඩු ලෙස සටහන් නොකරන ලෙස ද මේ වන විටත් දැනුම් දී තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com