මෙරට අර්බුදයන්ට සහාය සහ ආධාර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා සහ එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්ලමා සීතාරාමන් අතර පැවති සාකච්ඡාවකදීයි එම ඉල්ලීමක සිදුකර ඇත්තේ.
පසුගිය කාලයේ ඉන්දීය තානාපති කාර්යාලය හරහා විවිධ ආධාර ලැබී ඇති අතර, මෙම හමුවේදී ලංකා කම්කරු කොංග්‍රසය මෙරට ආර්ථික අර්බුදයට අඛණ්ඩව සහාය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට සිය ස්තුතිය පළ කර සිටියා.
කම්කරු කොංග්‍රසයේ ඉල්ලීම් සමබන්ධයෙන් ඉදිරියේදී ධනාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි ඉන්දීය මුදල් අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු