ශ්රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය සඳහන් කර තිබෙනවා.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ තම රජය එසේ නොකිරීම ගැන තමන් පුදුම වන බවයි.
කොරෝනා රෝගයෙන් මිය යන ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු එම ආගමිකයන්ගේ කැමැත්තට අනුව සිදු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද එහි සදහන් වනවා.
මාලදිවයින් විදේශ ඇමතිවරයා මෑතකදී සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ශ‍්‍රී ලංකාවෙ කොරෝනා මුස්ලිම් මෘත දේහයන් තම රටේ ආදාහනය කිරීමට සලකා බලමින් සිටින බවයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ