වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මියන්මාරයෙන් සුදු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත .
සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 445 බැගින් ,රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙම සහල් තොගය ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.
වරකට සහල් මෙට්‍රික් ටොන් 20,000 බැගින් ආනයනය කර වරින් වර වෙළඳපොළට නිකුත් කිරීමට වෙළද අමාත්‍යාංශය අපේක්ෂා කරයි .
එම සහල් තොග ආනයනය කිරීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මහජන බැංකුව වෙත නිකුත් කරන්නැයි වෙළෙඳ අමාත්‍යාංශය මහ බැංකුවෙන් ඉල්ලීමක් කර ඇත .
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති