Lanka Plus News

www.lankaplusnews.com

T20 ලෝක කුසලානයේදි ලංකාවට ප්‍රභල අභියෝගයක්

{"source_sid":"B877DC90-6BC8-4B83-8A98-5E2A48B7F805_1626432931021","subsource":"done_button","uid":"B877DC90-6BC8-4B83-8A98-5E2A48B7F805_1626432930799","source":"other","origin":"gallery"}

මේ වසර අවසානයෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ හා ඕමානයෙ පැවැත්විමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට අදාලව රටවල් කණ්ඩායම් කාණ්ඩගත කිරිම අද සිදු කෙරුනා.
එහිදි ශ්‍රි ලංකා කණ්ඩායම මූලික වටයෙදි අයර්ලන්තය , නෙදර්ලන්ත හා නැමිබියාව සමග තරගවැදිමට නියමිත වේ.

2021 මාර්තු 20 වනදා වනවිට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා වූ කණ්ඩායම් 4ක් ලෙස කාණ්ඩ දෙකක ට බෙදා ඇත.

එම කණ්ඩායම් වන්නේ, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, සහ ඇෆ්ඝනිස්තානය වේ.
   
ලෝක 20 යි 20 ක්‍රිකට් ශූරතාවලියට කණ්ඩායම් 12 ක් එක්වීමට නියමිත අතර ඉතිරි කණ්ඩායම් 4, කණ්ඩායම් 8ක් අතර පැවැත්වෙන මුලික තේරීම් වටයකින් අනතුරුව තෝරාගැනේ. 

එම කණ්ඩායම් 8 වන්නේ, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, නැමීබියාව, බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව් ගිනියාව, සහ ඕමානය වේ.

ඉන් ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, සහ නැමීබියාව “ඒ” කාණ්ඩය යටතේ තරඟවදින අතර බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව් ගිනියාව, සහ ඕමානය “බී” කාණ්ඩය යටතේ තරඟ වැදීමට නියමිතය.    

ඉන් එක් එක් කාණ්ඩයෙන් කණ්ඩායම් දෙක බැගින් අවසාන තරඟාවලියට සුදුසුකම් ලබයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com