හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ ව්‍යාපාරය සහ චීනයේ ෂියාමන් කිං ලෝන්ග් යුනයිටඩ් මෝටර්රථ සමාගම සමඟ පසුගිය සතියේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ වරාය ආයෝඡන සේවා සාමාන්‍යාධිකාරී ජස්ටින් ෂැං ගේ නායකත්වයෙන් යුත් එච්අයිපීජී හි ආයෝඡන ප්‍රවර්ධන කණ්ඩායම විසින් මෙය මෙහෙය වා තිබෙනවා.
මෙම අවබෝධතා ගිවිසුමත් සමඟ ලොව පුරා රටවල් 140 කට වැඩි සංඛ්‍යාවකට වාහන සපයන එම සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය කර්මාන්ත ගම්මාන තුළ බස් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට නියමිතයි.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු