රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිය භාරයට ගෙන තිබේ.
කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී එම හෙරොයින් තොගය එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂකාර්ය බළකාය සඳහන් කළේය.
අදාළ වැටලීමේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 12ක් බව ද ඔවුන් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කිඹුලා ඇළේ ගුණා” ගේ ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
කිඹුල ඇළේ ගුණා මේ වන විට ඉන්දියාවේ රක්ෂිත බන්ධනාගාරගත ව පසුවේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති